top of page

14 දා චම්පික සජිත් ට එකතුවේ

News Room


ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළකරමින්, සමගි ජන සන්ධානය වෙත එක්වීමට පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර ඇතයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 

 ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගිවිසුම්ගත වීමේ උත්සවය සඳහා  අගෝස්තු මස 14දා  තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනච් හෝටලය විපක්ෂ නායක කාර්යාලයේ නියෝජීතයකු විසින් වෙන්කරවා ගෙන ඇත.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ  ජනපතිවරයා සහ ජනරජ පක්ෂයේ පාඨලී චම්පික සමඟ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිත බවයි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page