IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා
- News Room
- Nov 26, 2024
- 1 min read

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත්ව තිබේ. ඒ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෙසෙන වෛභවි සූර්යවංශි නම් ක්‍රීඩකයෙකි.
ඊයේ (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති IPL වෙන්දේසියේදී මොහු ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය.
දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තියුණු තරගයකින් අනතරුව ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසානයේදී වෛභවි සූර්යවංශි මිලදී ගත්තේය. IPL ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි වෛභවි සූර්යවංශි වාර්තා අතරට එක්වෙයි.
Comments