top of page

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

News Room


සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට සූරියවැව පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

ලුණුගම්වෙහෙර සිට සූරියවැව බලා ධාවන වූ ලොරි රථයක් සූරියවැව ප්‍රදේශයේ දී පරික්ෂා කිරීම සඳහා නතර කරන ලෙස පොලීසිය විසින් කළ නියෝගය නොතකා ධාවනය කිරීමේ දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ලොරි රථයේ ටයරයට වෙඩි වැදීමෙන් පසු එය නතර වී තිබේ. එම අවස්ථාවේ ලොරි රථයේ සිටි රියදුරු සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ලොරි රථය තුළ ගවයින් 17 දෙනෙකු ද සිට ඇති බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page