top of page

අදත් ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා වෙඩි හුවමාරුවක්



ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා අද (27) අඛණ්ඩව තුන්වන දිනටත් වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. පාකිස්ථාන හමුදා මුරපොලවල් විසින් එල්ල කරන ලද සුළු අවි ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවයි ඉන්දීය හමුදාව සදහන් කර ඇත්තේ. කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මෙවන් පසුබිමක ඉන්දියාව සහ පාකිස්ථාන තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ දෙරටම උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවයි ජගත් සංවිධානය සදහන් කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page