
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 2025 අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
2025 වන විට රජය 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි.
ආර්ථික ස්වෛරීභාවය සාක්ෂාත් කර ගැනීම ඉලක්කයයි.
සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇත.
ආර්ථික අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොමැත.ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටෙමින් පවතී.
ජනතාවට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතුයි.ආර්ථිකයට පුරවැසියන්ගේ සහභාගීත්වයට ඉඩ සැලසීමෙන් ඔවුන් නඟා සිටුවීමට අවස්ථා නිර්මාණය කළ යුතුය.
ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍යයි.
මෙවර අයවැය සකස් කර තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්වයි.
එහි අරමුණු ළඟා කරගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට අප සූදානම්.
සීමිත බදු මුදල් ප්‍රවේශම් සහගත ලෙස ප්‍රමුඛතා අනුව කළමනාකරණය කර තිබෙනවා.
මෙවර ප්‍රාග්ධන වියදම් සඳහා 4% ක් වෙන් කර තිබෙනවා.
මහජන මුදල් වියදම් කරන්නේ ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ වැඩිවේ යැයි අපේක්ෂාවෙන්.
රටක් ලෙස අප ඉවසිලිවන්තව හා සාමූහිකව කටයුතු කිරීම මඟින් එහි ප්‍රතිලාභ ළඟා කර ගැනීමට හැකි වේවි.
ආර්ථිකය රට පුරා බෙදී යන ක්‍රමයක් සකස් කිරීම් අවශ්‍යයි.
කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල නිෂ්පාදනවල වර්ධනයක්, ජනතාවගේ සහභාගීත්වය වර්ධනය කරගැනීම හා සාධාරණ ලෙස සියලුදෙනා අතර බෙදීයාම රජයේ මූලික අරමුණයි.
භාණ්ඩ හා සේවා අඛණ්ඩව ගුණාත්මකව හා සාධාරණව ලබාදීම රජයේ වගකීමක්.
සියලු පුරවැසියන් ක්‍රියාකාරීව සහභාගී වන ආර්ථිකයක් සකස් කිරීමට අපි අදහස් කරනවා.
මෙය එක් රැයකින් විසඳිය හැකි ක්‍රියාවලියක් නොවන අතර මේ සඳහා අධ්‍යාපනය හා පුහුණුවට වැඩි ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍යයි.
අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.
2025 අපනයන ආදායම ඩොලර් බිලියන 19 ක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් තබා ගැනීමට අපි කටයුතු කරනවා.
2028 ණය සාර්ථකව ගෙවන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරනවා.
දිළිඳු භාවයට තිත තබා අවසන් කිරීමේ කටයුතු මෙවර අයවැයෙන් ආරම්භ කරනවා.
විනිමය අනුපාත තවදුරටත් අධික උච්ඡාවචනයට ලක් නොවන ක්‍රියාවලියක් සකසනවා.
උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් සරල, විනිවිද හා පුරෝකථනය කළ හැකි තීරු බදු රාමුවක් සැකසීම සඳහා නව තීරු බදු සකස් කරනවා.
නව රේගු පනතක් සකස් කිරීමට කටයුතු කරනවා. දැනටමත් එහි කටයුතු ආරම්භ කරලා තියෙනවා.
අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීය කරනවා
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය පුළුල් කරනවා.
රජය භාවිතයට ගත් නොගත් ඉඩම් වඩාත් ඵලදායී ආයෝජන සඳහා ලබාදීමට කටයුතු කරනවා.
එක් ස්ථානයකින් සියලු සේවා ලබාගැනීමට නීති සම්පාදනය කිරිමට කටයුතු කරනවා.
ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන අතර රටේ ව්‍යාපාර කිරීමේ පහසුකම් වැඩි කරනවා.
රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් අපට අවශ්‍යයි. එහි ප්‍රතිඵල ලබාගැනීම සඳහා රුපියල් මිලියන 750 ක් මේ වසර සඳහා වෙන් කරනවා.
බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය ගැන නව පනතක් ඉදිරිපත් කරනවා.
වරාය තදබදය අවම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් මධ්‍යස්ථානයක් සැකසීම සඳහා අවශ්‍ය පහසුකම් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
ඉපැයීම් සහ අලාභාංශ නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා නිරීක්ෂණය කිරීමට සුදුසු ක්‍රමවේදයක් හදනවා.
සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරනවා.
ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවනවා.
ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට කටයුතු කරන අතර මුදල් නෝට්ටු භාවිතා කිරීම ක්‍රමයෙන් ඉවත් කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කරනවා.
ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට ඩොලර් මිලියන 3000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
සංචාරකයින් සඳහා නව ගමනාන්ත ලෙස Brand City ඇතිකරනවා.
සංචාරක ක්ෂේත්‍රයේ සන්නිවේදන හා අනෙකුත් කුසලතා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට පහසුකම් රජය සලසනවා.
සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් හඳුන්වාදීමට කටයුතු කරනවා.
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන පන්සියයක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ වැඩකටයුතු ජපන් ආධාර මත ආරම්භ කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ගොඩ නැගීම මූලික අරමුණක්.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා.
සංවර්ධන බැංකුවක ක්‍රියාකාරීත්වය නව පරිපාලන ව්‍යුහයක් හරහා දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා. සංවර්ධන ණය යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු එකඟතාව පළ කර තිබෙනවා.
තෝරාගත් පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා අරමුදල් සැපයීමට කටයුතු කරනවා.
වාණිජකරණයේ විභවයන් සහිත පර්යේෂණ ප්‍රධාන ධාරාවට ගෙනඒමට ශක්තිමත් ප්රමුඛ මධ්‍යගත ආයතනයක් අවශ්‍යයි.
නව උත්පාදන අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 10 ක රක්ෂණය ලක්ෂ දෙකහාමාර දක්වා අඩු කිරීමට කටයුතු කරනවා.
අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා.
තෝරාගත් රාජ්‍ය නිලධාරීන්ට වාහන නඩත්තුවට යන අධික වියදම අවම කිරීම සඳහා වාහන සඳහා මුදලක් පමණක් ලබාදීමට කටයුතු කරනවා.
ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා.
මන්ත්‍රීවරුන්ට Permit නෑ. වාහන ලබාදෙන්නේත් නැහැ.
මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000 ක් වෙන් කරනවා
කාන්තාවන් සවිවල ගැන්වීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120 ක් වෙන් කරනවා.
සෞඛ්‍ය සේවා සැපයීම් වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ යොදා ගන්නවා.
සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කරනවා.
ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරනවා
ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන හත්දාහක්
නැවත ඖෂධ හිඟයක් ඇතිවේවි යැයි අප බලාපොරොත්තු වන්නේ නැහැ.
Comments