top of page

අධිවේගී මාර්ගයේ සිදු වූ අවභාවිතාවට තිත

News Room


"එස් පාස් " විශේෂ අවසර පත්‍රය  සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන150-200 ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදු වී ඇති අතර මේ වනවිට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුවී ඇතැයි එම නිලධාරියා කිය.

අධිවේගී මාර්ගයේ නොමිලයේ ගමන් කළ හැකි අය ලෙස ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණක්ම බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පි .එම්. සූරිය බණ්ඩාර මහතා විසින් ගැසට්ටුවේ සඳහන් පරිදි ලබාදුන් ලිඛිත නියෝග අනුව සියලුම මුදල් අයකැමීවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතා ගෙන් අප කළ විමසීමකදී පැවසීය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page