top of page

අනුරපුර ප්‍රධාන ජලාශ 9ක වාන් දොරටු ඇරේ

News Room


වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් කිරිමේ අරමුණින් වාන් දොරටු විවෘත කොට ඇති බවත් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසිය.

ඒ අනුව නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, දොරටු දෙකක් අඩි දෙක බැගින් ද, දොරටු තුනක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ. මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින් විවෘත කර ඇත. මහවලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා අඩි දෙක බැගින් විවෘත කෙරිණි. අභය වැව, තුරුවිල ජලාශය හා තිසා වැව ද අඟල් දෙක බැගින් වාන් දමයි. නුවර වැව අඩි එකකින් වාන් දමමින් පවතී. කලා වැවේ ද අඩි එක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කොට තිබේ.


0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page