top of page

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කළැයි නිලධාරීන් 9ක් මැතිවරණ රාජකාරීවලින් ඉවතට

News Room


දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර මහතා පැවසීය.දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන පවත්වා ඉන්  නිලධාරීන් නව දෙනකුගේ   මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිටවූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්  ජයාන් ලක්මාල් මහතා පැවසීය.තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කීවේය. මෙසේ පැමිණිලි ලැබුණු පිරිසට වෛද්‍යවරු තිදෙනෙක්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. විදුහල්පතිවරු නවයක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සහ  ගුරුවරු සිවු දෙනෙක් සහ සමෘද්ධි කළමනාකරුවෙක් ඇතුළත් වූහ.මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිප දෙනකු  ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ රැස්වීම්වල කතා පවත්වා තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

1 view0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page