top of page

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

News Room


අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අමෙරිකානු වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page