top of page

අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කරයි

News Room


වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම් කිරීමේ පනතට අත්සන් තබා තිබෙනවා.

සුදු හිස සහ කහ පැහැති හොටකින් යුතු Bald Eagle හෙවත් තට්ට රාජාලියා අමෙරිකාවේ රාජ්‍ය ලාංඡනයේ ද සිටින අතර එය 1872 වසරේ සිට භාවිත කරන්නක් අවුරුදු 250ක කාලයක් අමෙරිකානුවන් සිය ජාතික පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා හැදින්වුවද එය නිල හැඳින්වීමක් නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පක්ෂියා ජාතික පක්ෂියා ලෙස නම් කරමින් කොංග්‍රස් මණ්ඩලය පනතක් සම්මත කළ ද ඇතැමුන් ඊට විරෝධය පළකර ඇති බවද සඳහන්.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page