top of page

අලුත් අවුරුද්දට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක්

News Room


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

  • තෝරාගත් මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.

  • පෙර පාසල් ගුරුවන්ගේ දීමනාව වැඩි කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.

  • පෙරපාසැල් උදෑසන ආහාර සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රු. 60 සිට රු. 100 දක්වා වැඩි කරනවා.

  • පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක්.

  • විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට මිලි​යන 135 ක්

  • පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කිරීමට යළි ස්ථානගත කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

  • 5 ශ්‍රේණි ශිෂ්‍යාධාර මුද​ල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා. මේ සඳහා මිලියන 1000 ක් වෙන්කරනවා.

  • ක්‍රීඩා පාසැල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩිකරනවා. 

  • වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වා වැඩිකරනවා.

  • මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර දීමනා​ව 6500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.  

  • 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.

  • සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට බලාපොරොත්තු වනවා.

  • ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ජාත්‍යන්තර පිළිගත් ආයතන සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

  • අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා අවස්ථා දෙනවා.

  • 2025 පොහොර සහනාධාර​ය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කර තිබෙනවා.

  • කෘෂිකාර්මික තීරණගැනීම​ට සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා

  • වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000 ක්.

  • ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.

  • වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.

  • කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500 ක්.

  • ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

  • කෘෂිකර්ම ක්ෂේත්‍රයට තරුණ ව්‍යවසායකයින් කැඳවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

  • සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100 ක්

  • කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.

  • වාරි ක්ෂේත්‍රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් හා පැරැණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2,000 ක්.

  • පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙනවා.

  • උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක්.

  • 2025 සමාජ ආරක්ෂණ වැඩසටහ​න වන අස්වැසුම සඳහා බිලිය​න 232.5 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

  • අස්වැසුම ඇතුළත් නොවූ පිරිස සඳහා 2025 මැයි මාසයේදී තෝරාගැනීම අවසන් කිරීමට කටයුතු කරනවා.

  • වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කරනවා.

  • වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කිරිමට කටයුතු කරනවා.

  • රැඳවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන අතර එයින් රු. 2,000 ක් දරුවාගේ ගිණුමේ තැම්පත් කිරීමටත් රු. 3,000 ක් දරුවාගේ භාරකරුට ලබාදිමට කටයුතු කරනවා.

  • එ​ම දරුවන්ට විවාහයට පත්වීමේදී නිවාස​යක් සාදා ගැනීමට රුපියල් මිලියනක නිවාසාධාරයක් ලබාදීමට කටයුතු කරනවා.

  • වැඩි වූ ජීවන වියදම හේතුවෙන් උත්සව සමයේ ආහාර පැකේජයක් සඳහා සහන මල්ලක් සතොස හරහා ලබාදීමට කටයුතු කරනවා.

  • ඒ සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.

  • විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරට​ට පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරු බදු නිදහස් සීමාව ඉහළට.

  • ආපදා වන්දි මුදල් ලෙ​ස රුපියල් මිලියනක් ලබාදීමට පියවර.

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩි පොලියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කරනවා. එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. 

  • මතින් තොර සමාජයක් වැඩසටහනට රුපියල් මිලියන 500 ක්

  • නව පොදු ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම අවශ්‍ය වී තිබෙනවා.

  • නවීන බස් රථ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවේශ මාර්ග 04 ක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.

  • කොට්ටාව, මොරටුව, වත්තල, කඩවත සිට කොළඹ කරා පහත් පතුලක් සහිත සැප පහසු බස් රථ 100 ක් යොදවනවා. ඒ සඳහා මිලියන 3000 ක් යොදවනවා.

  • මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙවැනි බස්රථ 200 ක් සිය අරමුදල් යොදවා ගනිමින් සේවයේ යොදවනවා ඇති.

  • මෙම බස්රථ Metro බස් සමාගම නමැති අලුතින් ස්ථාපනය කරන ල​ද බස් සමාගමක් යටතේ ක්‍රියාත්ම​ක අතර, එය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක කරනවා.

  • දුම්රිය සේවය වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන අතර, දුම්රිය සේවා කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

  • රට තුළ නව දුම්රිය මැදිරි නිපදවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 200 ක්.

  • රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සමඟ සාකච්ඡා කර ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමට කටයුතු කරනවා.

  • කැළණිවැලි දුම්රිය මාර්ග​ය අවිස්සාවේල්ලෙන් ඔබ්බට ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250 ක්

  • ශ්‍රී ලංකා ගුවන් සේවා සමාග​මේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම සිදු කරන්නේ නැහැ.

  • ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාලයක් තිස්සේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක් සකසනවා.

  • ග්‍රාමීය පාලම් ප්‍රතිංස්කරණය කිරීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

  • දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000 ක්.

  • උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000 ක්.

  • විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක් ලබාදීමට කටයුතු කරනවා.

  • නැගෙනහිර පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා.

  • දුෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර අල්ලත් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා

  • අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන අතර අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා.

  • සියලු ජනතාවට එක්ව සංහිඳියාවෙන් සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් වන “ශ්‍රී ලාංකි​ක දිනය” පැවැත්වීමට රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

  • මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කරනවා.

    කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ සඳහා චීන ආධාර යට​තේ නිවා​ස ඒකක එකසිය අටකින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page