
එළැඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා ඇති අතර, 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වනවිට ජනගත වී ඇති බැවින්, එහි වෙනස්කමක් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
එහෙත් එළැඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බවට ඔවුන් පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Comments