top of page

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 462යි



සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ. එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා. අද දිනයේත් ගම්බිම් බලා ගිය ජනතාවගේ වාහන විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page