අලුත් පක්ෂයක් එක්ක මහ මැතිවරණයට එන රංජන්
- News Room
- Oct 10, 2024
- 1 min read

රංගන ශිල්පි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නම් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09)සිදුකෙරුණා.
එහි ජාතික සංවිධායක ලෙස පත් කර ඇති හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
දූෂිතයින් පිළිබඳව කතා කිරීම නිසා තමන්ට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වූ බවත් මෙම පක්ෂය හරහා දේශපාලනයට නැවත පිවිසීමෙන් නැවතත් හිරේ විලංගුවේ වැටීමට සිදුවනු ඇති බවට තමන් සිතන බවත් රංජන් රාමනායක මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා.
Comments