top of page

ආගමික ස්ථානවලට යොදා ඇති හමුදා ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

News Room


දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page