top of page

ආනයනය කළ පළමු සහල් තොගය වෙළෙඳපොළට

News Room


පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන​ය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදී තිබුණා. ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page