top of page

ඇමති විජිත් විජයමුණිට ඇප

News Room


නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ - මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.


Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page