top of page

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල

News Room


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 17,295 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 15 ක් දිනාගෙන තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 7,924 ක් ලබාගෙන මන්ත්‍රී ධූර 6 ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,597 ක් හිමි කරගනිමින් මන්ත්‍රී ධූර 3 ක් දිනාගෙන තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2612 ක් ලබාගෙන මන්ත්‍රී ධූර 2 ක් හිමි කරගෙන ඇති අතර ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,560 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 2 ක් හිමිකරගෙන සිටිනවා.

ජාතික ජනතා පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 01 බැගින් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page