top of page

ඉතාම සුරක්ෂිතව වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින්

News Room


මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති අවස්ථාවක ඉතාම සුරක්ෂිත ලෙස  මෙරටට වාහන ගෙන්වීමට හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යයන්තර වරාය ප්‍රධාන විධායක නිළධාරී  විල්සන් ක්වා මහතා සඳහන් කර සිටි.

හම්බන්තොට ජාත්‍යයන්තර වරාය 2018 වසරේ සිට මෙරට දේශිය වෙළඳ පොලට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රති අපනයනය කිරිම සම්බන්ධයෙන්ද පුරෝගාමි මෙහෙවරක නිරත වි සිටිති.

වාහන ආනයනය කර ඒවා සුරක්ෂිත ලෙස තබා ගැනීමට අවශය යටිතල පහසුකම්, නැව්වලින් ගොඩබෑම සඳහා පලපුරුදු කාර්ය මන්ඩලය සහ ශ්‍රමබලකාය, විශේෂිත ආරක්ෂක පහසුකම්. සී.සී.ටීවී කැමරා පද්දති සහිතව,  හම්බන්තොට ජාතයයන්තර වරාය සතුව පවතින බවද විධායක නිළධාරි වරයා  සඳහන් කර ඇත.

වරාය තුලට ගෙන්වන ලද වාහන නිෂ්කාෂනය කිරිමට අවශ්‍ය රේගු පහුසකම්, ඇතුළු සියළුම  නිෂ්කාෂන කටයුතු සඳහා පුළුල පහසුකම් සපයා තිබේ.

1 view0 comments

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page