top of page

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

News Room


ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මිසයිල ප්‍රහාර 180 ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාවු පවසන්නේ ඉරානය විසින් විශාල වරදක් සිදු කරගෙන ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද රැස්වීමට නියමිතව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය සටන් විරාමයක් සඳහා නැවත නැවතත් ඔවුන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page