top of page

ඊශ්‍රායල අගමැති රට වැසියන්ගෙන් සමාව ගනී

News Room


පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැතිවරයා සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක කරන අතරයි.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි මෙලෙස ජනතාව වීථි බැස ඇත්තේ.

විරෝධතාකරුවන් චෝදනා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා නිවැරදි ආකාරයට නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

මේ අතර මෙම සිද්ධියත් සමග එංගලන්තය ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නවතා දමා තිබෙනවා.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page