top of page

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එරට ලාංකිකයින්ට පණිවුඩක්

News Room


ඊශ්‍රායලයේ ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ෂෙල් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සිට හිස්බුල්ලා සංවිධානය විසින් ෂෙල් හා රොකට් ප්‍රහාර ගණනානවක් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පිහිටි  හයිෆා, ගැලිලි, ගෝලන් හා නාසරිත් යන ප්‍රදේශවල ඉහළ අහසේ සිට අයන් ඩෝම් පද්තිධය මඟින්  විනාශකර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් වනාන්තර වියළි ප්‍රදේශවලට වැටුණු සුන්බුන් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගිනිගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ විටින් විට එල්ලවන මෙම ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

ආරක්ෂිත නලා නාදවන සෑම අවස්ථාවක දීම තමන් අසල ඇති ආරක්‍ෂිත නිවස්නයට ගොස් ආරක්ෂාව සලසා ගන්නා ලෙස  ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page