top of page

ඕස්ට්‍රේලියාවේ United Petroleum ලංකාවේ වැඩ අරඹයි

News Room


ඕස්ට්‍රේලියාවේ United Petroleum සමාගම අගෝස්තු 28 දා සිට තම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

එම සමාගමේ මෙහෙයුම් කළමනාකරු පැවසුවේ මේ වන විටත් ඉන්ධන නැව් මෙරටට ළඟා වී ඇති අතර ඉන්ධන ගොඩබාමින් ඇති බවයි.

තවද, United Petroleum සන්නාමය යටෙත් ඉන්ධනහල් 20කින් ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන අතර, රට පුරා ඉන්ධනහල් 150කින් බෙදාහැරීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

United Petroleum ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 27.5ක ආරම්භක ආයෝජනයක් සඳහා ගිවිසුම් ගත වී ඇති බව අයෝජන මණ්ඩලය පවසයි.

United Petroleum සමාගම මෙරට ඉන්ධන වෙළ​ඳපොළට පිවිසෙන හතරවන සමාගම ලෙස සඳහන් වෙනවා.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page