top of page

ඕස්ට්‍රේලියාවේ අවන්හලක හිමිකරුවෙකුට දඩ

News Room


ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අවන්හලක රාජකාරි කරමින් සිටි සේවකයෙකුගේ දකුණු අත ආහාර ඇඹරුම් යන්ත්‍රයකට හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරුට ඔස්ට්‍රේලියානු ඩොලර් 40,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

31 හැවිරිදි අදාළ තරුණයා යන්ත්‍රය ආධාරයෙන් ආහාර මිශ්‍ර කරමින් සිටියදී එලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ අවන්හලේ එම යන්ත්‍රය භාවිත කිරීමෙදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවයි.

ඒ අනුව එම අවන්හල වරද පිළිගෙන ඇති අතර මෙල්බර්න් අධිකරණය මගින් මෙලෙස දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page