
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද(06) පැවැත්වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි. මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගයද වීම විශේෂත්වයක්.
මෙම තරගයේදී පැතුම් නිස්සංක යළි කණ්ඩායමට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ආබාධයක් හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වුනා. පළමු ටෙස්ට් තරගයේ ඉනිමකින් සහ ලකුණු 242 ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුනා. මෙම තරගය අද පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයෙත් පෙර පරිදිම ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා.
Comments