top of page

කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් අත්අඩංගුවට

News Room


පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කරල් ප්‍රවාහනය කල ලොරි රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීමේදි මන්නාරම ප්‍රදේශයේ සිට කොලඹට බෙදා හැරීම සඳහා මෙම මත් කරල් ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page