top of page

කොටුගොඩ සැරයන්ගෙ ගිනි අවියට පොරබදලා; ජීවිතයක් බිලි - 2කට තුවාල

News Room

සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ වයස අවුරුදු 38ක් වූ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය පැවසීය.



අද (අගෝ. 8) අලුයම සීදූව දෙස සිට පැමිණි කාර් රථයක් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂා කිරීමට නවතා තිබියදී රථයේ වම්පස ඉදිරි අසුනේ සිටි පුද්ගලයා විසින් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලිසිය තවදුරට ත් පැවසීය. උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත්, වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකුගේ පාදයකට තුවාල සිදු වී ඇති අතර, ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවසීය. මේ පිළිබඳව සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page