top of page

කොටස් වෙළෙඳපොලෙන් ඉතිහාසගත වාර්තාවක්

News Room


මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි. අද දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page