top of page

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සුළු වේලාවකට අත්හිටුවයි



අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබුණා. කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මෙලෙස ගණුදෙනු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි සඳහන් වෙන්නේ.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර, S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කෙසේ නමු‍ත්, මේ වනවිට යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Yorumlar


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page