top of page

කුඩු ගහන්න සතියට ත්‍රීවීල් 10ක් ඉස්සූ අයියා මලෝ

News Room

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසිදෙක සහ විසිහතර වයස්වල පසු වන නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.


මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුදවලින් පහරදී කොල්ලා කෑම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මට්ටක්කුලිය පොලිස් වසමේ ත්‍රීවිල් රථ සොරකම් කරන බවට මට්ටක්කුලිය පොලිසියට පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ අංශයේ නිලධාරිහු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.


සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21 ක්, කොල්ල කන ලද තීරෝද රථ දහයක්, තී රෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බව කියන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්, පොලිස් භාරයට ගෙන ඇත.




0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page