top of page

කොහොඹගහ පෑලැස්සේ පුද්ගල ඝාතනය

News Room

තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී  ඊයේ  (17)  පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.



මෙලෙස මියගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ පේමකුමාර නැමැති 45 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ බිරියගේ සොහොයුරියට අයත් යාබද නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා දිනපතා අධික ලෙස බීමත්ව හැසිරෙන අයෙකු බවත්, බිරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

ෙසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තිස්සමහරාම පොලීසිය සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සිදුකොට ඇති බව කියන මරණකරුගේ මාමණ්ඩිය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page