කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු අද පසුකළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,597.16 ක් බවට පත්වූ බවත එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ඒකක 94.71 කින් ඉහළ ගොස් ඒකක 5,056.74 ක් ලෙස සටහන් වූ බවත් එම ප්‍රකාශකයා කීය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.31 ක් බවට පත්වූ බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
Comments