කටුනායක වෙඩි තැබීමක්
- News Room
- Apr 22
- 1 min read

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කටුනායක, ආඬිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ඔවුන් රැගෙන පැමිණි T-56 ගිනි අවිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවත්, එහිදී අනෙක් පුද්ගලයා තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුවීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පළාගිය අනෙක් සැකකරු සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
Comments