
කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යට ප්‍රදේශයේදී පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (12) උදෑසන කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවට පවසා පුද්ගලයෙකු විසින් කළුතර උතුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව පොලීසිය විසින් එම ස්ථානයේ කළ සෝදිසි මෙහෙයුමකදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් පුද්ගලයාගේ බවට සැකකෙරෙන ගමන් බෑගයක් තුළ තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක්, බැංකු පාස්පොත් දෙකක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comentários