top of page

ගොවීන්ට සහ ධීවරයින්ට සහනාධාර මාසික පදනම මත

News Room


ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.

මෙම ගොවි සහ ධීවර සහනාධාර මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page