top of page

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවාගෙන විමර්ශන සිදු කරයි



අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් වෙඩිතැබූ බව කියන සැකකරු සහ ඔහු ගමන් ගත් වාහනයේ රියදුරු මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page