top of page

ගණේමුල්ලේ සංජීව ඝාතන සහායට කාන්තාවක් ද නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ඇවිත්



අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දෙදෙනෙක් පැමිණ ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලා ගත් දෙදෙනෙකු මෙලෙස පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

එසේම නීතිඥයෙකු ලෙස වෙස්වලා ගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව නීතීඥවරිය ලෙස වෙස්වලා ගත් කාන්තාව විසින් පොතක් තුළ සඟවාගෙන පැමිණි ගිනි අවිය ලබාදී ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page