top of page

චිකුන්ගුන්යා රෝගීන්ගේ වර්ධනයක්

News Room


චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම නැවත ඉහළ ගොස් ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසනවා. රෝගීන් අතර දරුවන් මෙන්ම වැඩිහිටියන්ද වන බවයි වාර්තා වී තිබෙන්නේ. වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම නිසා මෙම රෝගීන් බහුලව වාර්තාවීම සිදුවන බවයි පැවසෙන්නේ.

ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකුන්ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. තද උණ සමග හන්ද්‍රි පත් රුදාව, සම කලු වීම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ වනවා. එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම රෝගීන් විවේක ගැනීම සහ දියර ආහාර වැඩි වශයෙන් ගැනීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page