top of page

ඡන්ද පෙට්ටි රැගෙන යන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට පැමිණීමට අවස්ථාව

News Room


ඡන්ද පෙට්ටි මාරුකිරීම සම්බන්ධයෙන් වූ මිත්‍යා මතය දුරු කිරීමේ අරමුණින් ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව ඔවුන්ට පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එසේ යාමට අවශ්‍ය නම්, අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

1 view0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page