top of page

ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය

News Room


2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.

එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

0 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page