top of page

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙයි

News Room


ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබේ.

ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය.

ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි. 

ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හත්දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.

සමස්තයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂකයින් පැවසීය.

මොනරාගල  සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බවද වාර්තා වෙයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page