ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල පත්කර තිබෙනවා. ඔහු ඊයේ (20) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ දී සිය තනතුරේ පත්වීම් ලිපිය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර තිබෙනවා.
Comments