top of page

ජනපතිවරණයට රටවල් දොළහකින් නිරීක්ෂකයින්

News Room

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



මෙසේ ආරාධනා කර ඇත්තේ ඉන්දියාව නේපාලය  බංගලාදේශය පකිස්ථානය සහ  මාලදිවයින ඇතුළු රටවල් දොළහකටය.ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ පිරිසක්ද  දිවයිනට පැමිණ සිටිති.

මෙයට අමතරව ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන්  සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන් පිරිසක්ද  දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණ නිරීක්ෂණයට මෙසේ අවසර දුන් බව මැතිවරණ කොමිසම පවසයි. මෙම සංවිධාන මැතිවරණ කටයුතු නිරීක්ෂණය  කිරීමෙන් අනතුරුව විශේෂ වාර්තා ලබාදීමට නියමිතය.

3 views0 comments

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page