top of page

ට්‍රම්ප් සිය රජය යටතේ FBI ප්‍රධානී තනතුරට කාෂ් පටෙිල් නම් කරයි

News Room


තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ  FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල්  එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි.

පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙසද සේවය කළ අයෙකි.

ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙක් වන පටෙිල්, FBI හි බුද්ධි තොරතුරු රැස් කිරීමේ කාර්යභාරය ඉවත් කරන ලෙසටත්, ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට සහාය නොදෙන ඕනෑම අයෙක් තනතුරවලින් ඉවත්කළ යුතු බවටත් පැවසූ පුද්ගලයෙක් ලෙස ප්‍රකටව සිටියි. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා පත්වන්නේ වසර 10ක කාලයක් සඳහාය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page