top of page

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

News Room


මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපෑලේ දී සිදු වියහැකි ප්‍රමාදවීම් සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා(10) දා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page