top of page

දිනේෂ් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

News Room


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද ලිපියක් යොමු කරමිනුයි අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙනු ලැබුවා.

9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 - 2 ආ වගන්තිය ප්‍රකාරව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි දිනේෂ් ගුණවර්ධන එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉවත්වීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයද අහෝසි වනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page