top of page

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

News Room


දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර තිබෙනවා.

බිම්බිසාර රජු විසින් බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුතු පොහොය දිනක බවද ශාසන ඉතිහාසයේ සඳහන්.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page