''දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන්න'’
- News Room
- Sep 27, 2024
- 1 min read

මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසද අගමැතිවරිය දැනුම්දී තිබෙනවා.
අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ.
පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමටද තීරණය කර ඇති බවයි අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Comentarios