top of page

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු දිවියෙන් සමුගනී



දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවය. ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ 'Indian-2' යන චිත්‍රපටයේ ය. දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇති අතර මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page