top of page

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනගත කරයි

News Room

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය.



කොළඹ අයි.ටී.සී. රත්නදීප පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදී ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එහිදී ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා 2025 සිට 2035 දක්වා එම පක්ෂයේ වැඩපිළිවෙල ‘ඔබ වෙනුවෙන් දියුණු රටක්’ යන තේමාව යටතේ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට සහභාගි වූහ.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page